Gossips

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයත් හෙට මැදියම් රැයේ සිට වර්ජනයේ

අවම ගාස්තුව රුපියල් 15ක් කළ යුතු බවට සහ සියයට විස්සක බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලා හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට තමන්ද වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ අමාත්‍ය මණ්ඩලය අනුමත කළ සියයට 6.56 ක බස් ගාස්තු වැඩිවීමට තම සංගමය එකඟ නොවන බවයි.
එමෙන්ම ඉල්ලුම් කළ බස් ගාස්තු සංශෝධනය නොලැබීම හේතුවෙන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක නිරත වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද ප්‍රකාශ කළා.