Gossips

දකුණේ වෛරස් උණ ගැන විශේෂ පරීක්ෂණයක්

දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට රෝගීන් බැලීම සඳහා පැමිණෙන පිරිස් සීමා කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
කුඩා දරුවන් අතර මෙම උණ රෝගී තත්ත්වය වැඩි වශයෙන් පැතිර යන අතර පසුගිය මාස කිහිපය තුල කුඩා දරුවන් 05 දෙනකු පමණ මියගොස් ඇති බවයි රෝහල් බලධාරීන් සඳහන් කළේ.
තංගල්ල, හම්බන්තොට සහ වලස්මුල්ල යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් මෙම උණ රෝගීන් වාර්තා වන අතර ඔවුන් මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙම උණ රෝගය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ද මේ වනවිට ආරම්භ වී ඇති බවයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක සඳහන් කළේ.
මීට අමතරව රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා හැකි සෑම පියවරක්ම ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා.