Gossips

බස් ගාස්තු සංශෝධනය පිලිබඳ කැබිනට් මණ්ඩලයේ තීරණය අද

ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය අද තීරණයක් ගැනීමට නියමිතයි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් අදාළ යෝජනාව අද පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.
මගී බස් ගාස්තු මිල කොපමණ ප්‍රමාණයකින් ඉහළ දැමිය යුතු ද යන්න පිළිබදව එහි දැක්වෙන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඊයේ ප්‍රකාශ කළේ.
බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව ජුලි මස 1 වන දා වාර්ෂිකව බස් ගාස්තු සංශෝධනය සිදුවිය යුතු අතර, ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙවර සියයට 20ක ගාස්තු සංශෝධනයක් අපේක්ෂා කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මීට පෙර කියා සිටියා.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.