Gossips

හෙට සිට බස් ගාස්තු ඉහළට

පෞද්ගලික හා ශ්‍රී ලංගම බස් ගාස්තුව සියයට 6.56කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ එම ගාස්තු සංශෝධනය හෙට (16) සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමි වූ බවයි.
මෙම ගාස්තු සංශෝධනයේදී රුපියල් 10ක්ව පවතින අවම ගාස්තුවේ වෙනසක් සිදුව නැහැ.
මේ අතර, සුදුසුකම් ඇගයීමට ලක් කර සයිටම් සිසුන් 980ක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.