Gossips

සූදුපොළෙන් කොටු කරගත් 36

කැකිරාවේ හෝටලයක් තුළ අනවසරයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදුපොළක් වටලා සැකකරුවන් 36 දෙනෙකු සමඟ රුපියල් ලක්ෂ 06කට අධික මුදලක් අනුරාධපුර පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (06) රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇති අතර, දීර්ඝ කාලයක් පුරා සංවිධානාත්මකව මෙය පවත්වාගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
ඔවුන් අද (07) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.