Gossips

ඉන්ධන මිල ඉහළ දැමීමට විපක්ෂයේ විරෝධය

භුමිතෙල් ඉහළ දැමීම නිසා ධීවර මෙන්ම ගොවි සහ වතුකරයේ ජනතාව ද පීඩාවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් පළ කරනු ලැබුවා.
එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ ඉන්ධන මත බදු පැනවීම, මෙලෙස මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි.