Gossips

මෝදිගේ ජයග්‍රහණයෙන් ඉන්දීය කොටස් වෙළඳපොළ ඉහළට

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා යොමුවද්දී ඉන්දීය කොටස් වෙළදපොළ කැපී පෙනෙන ලෙස වර්ධනය වීමක් දක්නට ලැබෙනවා.
ඒ අනුව මුම්බායි සිට ක්‍රියාත්මක ‘සෙනෙක්ස්’ කොටස් දර්ශකය අද (15) ඒකක 400කින් පමණ ඉහළ ගිය අතර, එය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කිරීමට ද ආසන්න වුණා.
නවදිල්ලිය කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක ‘නිෆ්ටි’ දර්ශකය ද අද දිනයේ 10,900 සීමාව දක්වා වර්ධනය වී තිබෙනවා.
පසුගිය දිනවල කැපී පෙනෙන ලෙස අවප්‍රමාණ වූ ඉන්දීය රුපියලේ අගය ද අද ස්ථාවර වූ අතර, ඇමරිකානු ඩොලරයක් සඳහා එහි අගය අද සටහන් වූයේ රුපියල් 67යි ශත 55ක් ලෙසයි.