Gossips

තණමල්විල දී පුද්ගලයෙකු ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

තණමල්විල – ගල්කොටුකන්ද ප්‍රදේශයේ 38 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඔහුගේ මුදල් පැහැර ගත් බවට සැකපිට තරුණයෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 9 වන දා මෙම ඝාතනය මොහු විසින් සිදුකර තිබූ බව සඳහන්.
ඝාතනය සඳහා උපයෝගී කර ගත් යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් 19 හැවිරිදි තරුණයා අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.