Gossips

බාල වයස්කාර දරුවෙක් අපයෝජනය කළ අයෙක් අල්ලයි

වයස අවුරුදු 13ක පිරිමි දරුවෙකු අපයෝජනය කළ 68 හැවිරිදි පුද්ගලයෙකු මාදම්පේ පොලීසිය විසින් ඊයේ (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මාදම්පේ ප්‍රදේශයේ විහාරස්ථානයක නැවතී එහි ආවතේව කටයුතු සිදුකරගෙන සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.
උපකාරක පංතියක් සඳහා දරුවා විහාරස්ථානය අසලින් යමින් සිටියදී අදාල සැකකරු දරුවා විහාරස්ථානයට කැඳවාගෙන ගොස් මෙම අපයෝජනය සිදුකර ඇති බවට මූලික විමර්ශණ වලදී අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (15) හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.