Gossips

පලස්තීන ගාසා තීරය තවමත් නොසන්සුන්

2014 වසරෙන් පසු බිහිසුණුතම දිනයට ඊයේ මුහුණ දුන් පලන්තීන ගාසා තීරයේ අදත් විරෝධතා පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඊශ්‍රායල හමුදා සමඟ දේශසීමාවේදී ගැටුණු පලස්තීනුවන් 58 දෙනෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූ සංඛ්‍යාව 2700කට අධිකයි.
මිය ගිය පලස්තීනුවන්ගේ අවසන් කටයුතු මෙන්ම අදට යෙදී ඇති නක්බා හෙවත් මහා විනාශයේ දිනයේ 70 වන සමරුව හේතුවෙන් ද ගාසා තීරයේ නොසන්සුන්තාවක් පැන නැගෙනු ඇති.
නක්බා ලෙස හැදින්වෙන්නේ 1948 වසරේ ඊශ්‍රායලය බිහි කිරීමේදී දහස් සංඛ්‍යාත පලස්තීනුවන් පළා යාමේ සිද්ධියයි.
ඊශ්‍රායලයේ ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුසෙලමට රැගෙන යාම ද ඊයේ ගාසා තීරයේ ගැටුම් ආරම්භ වීමට හේතුවක්.