Gossips

කොළඹ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීමක්

බියගම – පන්නිපිටිය සම්ප්‍රේෂණ මාර්ගයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබෙනවා.
ඒ අනුව බත්තරමුල්ල, පන්නිපිටිය, ශ්‍රී ජයවර්ධනපුර, මහරගම, දෙහිවල – ගල්කිස්ස සහ රත්මලාන යන ප්‍රදේශ වලට මෙලෙස විදුලිය බිඳ වැටී ඇති බවයි විදුලිබල අමාත්‍යංශය සඳහන් කළේ.
හැකි ඉක්මනින් එය යථා තත්ත්වයට පත්කිරිමට කටයුතු කරන බවයි එම අමාත්‍යංශය කියා සිටියේ