Gossips

මොරොන්තුඩුවේදී පියෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම

මොරොන්තුඩුවේදී පියෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම "
තාත්තා කෙනෙක් දරුවන්ට ආදරේ කරන්නේ මහමෙරක් තරම් ආදරේ හිතේ හංගගෙන.
ඒ නිසාම තමයි තාත්තගේ ආදරේ තේරුම්ගන්න ගොඩක් අමාරුයි කියන්නේ.
දරුවන්ගේ පිළිසරණක් අවැසිම මොහොතක ජීවත්වන එවන් ආදරණීය පියෙක් මගමග මඩුවක දමා ගිය පුවතක් අපට වාර්තා වුණේ වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයෙන්.
ඔබ මේ දකින්නේ තවත් කෙනෙකුගේ ආදරය, කරුණාව, ලැබිය යුතුම වයෝවෘද්ධ පියෙකුට අද පෙරවරුවේ අත්ව තිබූ ඉරණමයි.
තමන්ගේ කටයුතු කිසිවක් කරකියා ගත නොහැකිව, අඩුම තරමින් වචනයක් කතා කිරීමට පවා නොහැකි මේ පියා කවුරුන් හෝ මෙලෙස දමා ගොස් තිබුණේ මොරොන්තුඩුව පොලිස් වසමේ කුඩා ගෝනදූව ප්‍රදේශයේ.
ඒ අධි පීඩන යන්ත්‍ර මගින් පාංශුගල් නිෂ්පාදනය කරන ආයතනයකට අයත් කුඩා මඩුවක් තුළයි.
අද උදැසන අදාළ මඩුව විවෘත කරන අවස්ථාවේදී නිෂ්පාදන කටයුතු සඳහා එහි රැස්කර තිබූ වර්ණක සහිත ලෑල්ලක් මත පියා දමා ගොස් තිබුණේ මෙලෙසින්.
ඒ අනුව පොලිසිය විසින් අදාළ පියා කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර ඔහු කවුරුන්ද යන්න පිළිබඳ සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මව්පියන්ගේ ගුණ සිහි කිරීමට, දින වෙන් කරන යුගයක දරුවන්ගේ සෙනෙහස අපේක්ෂාවෙන් සිටින මෙවන් පියවරුන්ගේ ඉරණම පිළිබඳ කාටනම් කිව හැකිද?