හොරුන් අල්ලන්න යයි කියමින් අටවාගත් FCID ය මර ඇඳේ පණ අදිමින් සිටියදී එහි ඔක්සිජන් බටය ගැලවීමට කටයුතු කර ඇත.
CID යේ ප්‍රාණ වායුව වූ එය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය රවි වෛද්‍යාලංකාර මහතාට සේවා දිගුවක් නොදී විශ්‍රාම ගැන්වීමට පොලිස්පතිවරයා ප්රමුඛ දූෂිතප්‍රේමීන් විසින් කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයි අපගේ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. මෙම විශ්‍රාම ගැන්වීමේ පාඩුව වඩාත් දැනෙන්නේ රවිට පසු සිටි හොඳම නිලධාරියා වූ FCID යේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙ.පොලිස් අධිකාරී අනුර ප්‍රේමශාන්ත මහතාවද හිටි අඩියේ FCID යෙන් මාරු කර තිබෙන තත්ත්වය තුල ය.
මහින්ද රාජපක්ෂ ප්රමුඛ පැවති ආණ්ඩුවේ පිරිස් පාර්ශව වලට විරුද්ධව ඉදිරිපත් කර ඇති බහුතරයක් චෝදනා ඔප්පුකරගත නොහැකිව ලතවෙන මොහොතක, සහ වනචර දශකයේ නීලහොරුන් වන බැසිල් ඇතුළු හොර නඩයේ දූෂණ පිලිබඳ සොයා බැලීමට FCIDය යොමුවූ මොහොතක මෙලෙස FCID ලොක්කා විශ්‍රාම ගැන්වීම පුදුම සහගතය.
විශේෂයෙන් වනජීවී ආයතනයට ලබෙම්මට තිබුණු මුදලක් බැසිල් විසින් සිය අමත්‍යංශ ගිණුමකට මාරුකර ගත්තේ කෙසේද, සහ එසේ කරන්නට හේතු මොනවද වශයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ, එම පරීක්ෂණය වහාම නවත්වන ලෙසත් දැනට ඇති පරීක්ෂණ අවසන් කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ නියෝග කර ඇත. එහිදී FCID ආයතනය දැනුම් දී ඇත්තේ දැනට ඇති බොහොමයක් පරීක්ෂණ අවසන් බවත් ඇත්තේ නඩු පැවරීම හෝ, දූෂණයක් නොවූවා යයි තහවුරු වූ පරීක්ෂණ පිලිබඳ රටට දැනුම් දීම බවත්, එම නිසා නව පරීක්ෂණ පැවත්වීමට බාධාවක් නැති බවත්ය. එහෙත් උක්ත බැසිල් රාජපක්ෂට විරුද්ද පරීක්ෂණය වහාම නවත්වන ලෙස නැවත නියෝග කර තිබේ. එමෙන්ම, රෝහිත අබේගුණවර්ධනට එරෙහිව ආරම්භ කල පරීක්ෂණ කිහිපයක් ද මෙසේ නැවත්වීමට කටයුතු කර තිබේ.
FCID අයතනය තමන්ට අවශ්‍ය පරිදි, තමන්ගේ නියෝගය පරිදි විරුද්ධ පක්ෂ සාමාජිකයන් දඩයම් නොකිරීමත්, එලෙසම අතීත සිද්ධි කිහිපයක් නිසාත්, පොලිස්පති පූජිත ජයසුන්දරත්, අගමැති රනිල් වික්රමසිංහත්, ජනාධිපති පොළොවෙන් මතුවූ මෛත්‍රිපාල සිරිසේනත්, රවි වෛද්‍යාලංකාර සමග වෛරයකින් සිට ඇත.
ගමරාල පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ, සෞඛ්‍ය ඇමතිව සිටි කාලයේ, දහම් පුතණ්ඩියා, කාන්තාවකගේ පස්ස මිරිකා කන පැලෙන්න ගුටි කෑවේය. ඒ පස්ස මිරිකුවේ මෙම රවි වෛද්‍යාලංකාර මහතාගේ පුතාගේ බිරිඳගේය. ඒ අවස්ථාවේ අත්අඩංගුවට පත් මෛත්‍රිපාලගේ වනචර පුතණ්ඩියා වන දහම් සිරිසේන ඇතුළු කල්ලිය බලෙන් ඇප ලබාදී නිදහස් කිරීමට කටයුතු කාලේ පූජිත ජයසුන්දර නමැති වර්තමාන පොලිස්පතිය. මේ පිලිබඳ රවී සහ පූජිත අතර හිත අමනාපයක් පවතී අතර, මෛත්‍රී ද රවී පිලිබඳ ප්රසාදයකින් සිට නැත.
කෙසේවෙතත් රනිල්ගේ උවමනාව මත එකල රවි වෛද්‍යාලංකාර පත්කර ගත්තද, රවී විසින් දේශපාලකයන්ගේ උවමනාව මත නොව, නීතියට වැඩ කිරීම නිසා රනිල් වික්‍රමසිංහ ඇතුළු “රාජකීය නපුංසක” කණ්ඩායමේ (රාජකීය යනුවෙන් අදහස් කලේ රාජකීය විද්‍යාලය නොවේ) උදහසට ලක්වී ඇත.
ඒ අනුව පූජිතත්, රනිලුත් මෛත්‍රීත් එක්ව රවි වෛද්‍යාලංකාරව විශ්‍රාම ගැන්වීමේ මෙහෙයුම දියත් කර ඇත. ඉතාමත් පහසුවෙන් වසරක සේවා දිගුවක් දියහැකිව තිබුනත් එසේ නොකර, විනය පරීක්ෂනයකටද යටත්ව විශ්‍රාම ගැන්වීමට රනිල්, මෛත්‍රී, පූජිත තුකට්ටුව තීරණය කර ඇත. තමන්ව විනය පරීක්ෂණයකට යටත්ව විශ්‍රාම ගන්වන්නේ කුමන හේතුවක් මතදැයි වික්ෂිප්ත වූ රවි වෛද්‍යාලංකාර මහතා මේ පිලිබඳ දැනුම්දීමෙන් පසු ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ කිසිදු පරීක්ෂණයකින් තොරව අදාල වරප්‍රසාද යටතේ ගෞරවාන්විතව විශ්‍රාම ගැන්වීමටය.
ඒ අනුව පසුගිය 14 දින රවි වෛද්‍යාලංකාර මහතා විශ්‍රාම ගිය අතර, රනිල් ඇතුළු “රාජකීය නපුංසකයන්ට” අවශ්‍ය ලෙස FCIDය හැසිරවීමට දැන් අවස්ථාව ලැබෙනු ඇතැයි නම හෙළිකිරීමට අකමැති වූ FCID ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය.