Gossips

ඡන්ද ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්

පළාත්පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලූ ප්‍රචාරක කටයුතු අද (07) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
එමෙන්ම පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ඡන්ද මධ්‍යස්ථානවලට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට බීමත් පුද්ගලයන් පැමිණියහොත් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
එවැනි පුද්ගලයන් රැගෙන එන අපේක්ෂකයන්ට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව පොලීසිය සඳහන් කළා.
මේ අතර පළාත්පාලන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලූම පාසල් අනිද්දා දිනයේ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.
ඡන්ද පෙට්ටි සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය නිකුත් කිරීමේ හා භාරගැනීමේ රාජකාරි කටයුතු සඳහා යොදාගැනීමට නියමිත පාසල් 19 ක් සහ විද්‍යා පීඨ 02 ක් අද සිට සිකුරාදා දක්වා වසා තැබෙන බවයි එම අමාත්‍යාංශය තවදුරටත් කියා සිටියේ.