අතුරුදන්ව සිටි වීරකැටිය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ මළ සිරුර වීරකැටිය යොවුන් සේනාංකය ආසන්නයේ කැලෑ ප්‍රදේශයක තිබී අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.
53 හැවිරිදි තිදරු පියෙකු වන මොහු පසුගිය 9 වන දා නිවසින් පිටව ගොස් ඇති අතර, යළි නොපැමිණීම හේතුවෙන් ඥාතීන් විසින් ඒ සම්බන්ධයෙන් වීරකැටිය පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.
මොහු මෙලෙස මිය යාමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මෙය සිය දිවි හානි කර ගැනීමක් ද නැද්ද යන්න පිළිබදව විමර්ශනයක් සිදුකරන බවයි පොලීසිය කියා සිටියේ.