Gossips

ගතවූ මාස හතර තුළ හොරොව්පතාන කලාපයේ වන අලි හයදෙනෙකු මරුට

අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ ගතවූ මාස 4 තුළදී පමණක් හොරොව්පතාන වනජීවී කලාපය තුළ අලි ඇතුන් 6 දෙනෙකු පමණ මියගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.
හක්කපටස්වලට ගොදුරුවීමෙන් සහ වෙඩි වැදීමෙන් වන අලි මෙලෙස මියගොස් ඇති බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.
මෙලෙස මියගිය වන අලි හයදෙනාගෙන් දෙදෙනෙකු අවුරුදු දෙකත් දෙකහමාරත් අතර වයස්වල පසුවන පැටවුන් බවද එම නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.