Gossips

රාජස්ථානය හමුවේ ලැබූ දරුණු පරාජයත් සමඟ මුම්බායි පිල පහළට වැටෙයි

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියට අදාලව ඊයේ පැවති තරඟයකින් රාජස්ථාන් රෝයල් කණ්ඩායම ජය ගැනීමට සමත් වුනේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින්.
මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 06 ක් බිද වැටී ලකුණු 168ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ රාජස්ථාන් පිල පන්දුවාර 18ක් අවසානයේ ජයග්‍රාහී සීමාව පසුකර ගියේ කඩුලු 03 ක් පමණක් දැවී තිබියදියි.
රාජස්ථාන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජෝෂ් බට්ලර් සිය වගකීම මැනවින් ඉටුකරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
පන්දු 53කට මුහුණ දෙමින් හයේ පහර 05ක් සහ හතරේ පහර 09ක් සමඟින් ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 94ක්.
මුම්බායි පිළේ මෙම පරාජයත් සමඟ ප්‍රසාද ලකුණු ලබා ගැනීමේ සටහනේ පස්වන ස්ථානයේ සිට හයවන ස්ථානය දක්වා පසු බැසීමට ඔවුන්ට සිදුව ඇති අතර රාජස්ථාන් පිළ මේ වන විට එම සටහනේ සිව්වන ස්ථානයට පැමිණ තිබෙනවා.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්..
rnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrn