Gossips

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබේ

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 5කට ඊයේ අත්සන් තැබුණා.
ඒ, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනාධිපති හසාන් රවුහානි අතර පැවති ද්වි පාර්ශවික සාකච්ඡාවලින් අනතුරුවයි.
ටෙහෙරාන් නුවර පිහිටි ජනාධිපති මන්දිරයේදි නායකයන් දෙදෙනා අතර නිල සාකච්ඡා පැවැත්වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාවත් ඉරානයත් අතර මත්ද්‍රව්‍ය නිවාරණය හා මත්ද්‍රව්‍ය හුවමාරුව වැළැක්වීම, පර්යේෂණ හා ප්‍රමිති කටයුතු වැඩිදියුණු කිරීම, චිත්‍රපට හා රූපවාහිනී කර්මාන්තය ප්‍රගමනය සඳහා වන සංස්කෘතික මගපෙන්වීම, සංස්කෘතික හා අධ්‍යාපන හුවමාරුව මෙන්ම සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රගමනය යන කරුණුවලට අදාළවයි මෙම ගිවිසුම්වලට එළඹුණේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ නායක දෙපළ අතර පැවති සාකච්ඡාවලදී ආර්ථික සහ වෙළඳ සබදතා නව මාර්ග ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි.
එමෙන්ම ඛනිජ තෙල්, තේ සහ සංචාරක ක්ෂේත්‍රයේ දැනට පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමට ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.