Gossips

බස් ගාස්තු නැංවීමේ යෝජනාව හෙට අමාත්‍ය මණ්ඩලයට

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු කොපමණ ප්‍රමාණයකින් ඉහළ දැමිය යුතු ද යන්න පිළිබද යෝජනාව හෙට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර පවසනවා.
ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී පැවැත්වෙන බවයි.
ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව සියයට 20 ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළා.
එසේ නොමැති වුවහොත් ලබන 17 වනදා සිට වර්ජනයකට අවතීර්ණ වන බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර කියා සිටියේ ජූලි 1 වනදාට සිදු කෙරෙන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයද මෙම නව ගාස්තු සංශෝධනයට ඇතුළත් කරන බවයි.