Gossips

2020 ජනපති අපේක්ෂකයින් ගැන ඉඟි 3ක්

2020 ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් මේ වන විට විවිධ ඉඟි පළව තිබෙනවා.
හිටපු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න රත්නපුර – කුරුවිට නගරයේ අද පැවති පිලිගැනිමේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ කටයුතු කරන බවයි.
එමෙන්ම මහනුවර අද පැවැති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ විස්සයි විස්ස ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නම් කර ඇති බවයි.
මේ අතර, මීළඟ ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ බෙලිඅත්ත ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.