Gossips

ගාස්තු වැඩි කිරීම ගැන බස් සංගම් අතර බෙදීමක්

ඉන්ධන මිල ඉහල දැමීමත් සමඟ ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් පරස්පර විරෝධී අදහස් පළ වනවා.
මිල ඉහළ දැමීමත් සමඟ සියයට 20ක බස් ගාස්තු සංශෝධනයක් සහ අවම ගාස්තුව රුපියල් 15ක් දක්වා වැඩි විය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.
කෙසේ වෙතත්, කොළඹ පැවැති තවත් මාධ්‍ය හමුවකදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ බස් ගාස්තු සංශෝධනය සිදුකළ යුත්තේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව බවයි.
ඉන්ධන මිල වැඩි කිරිමත් සමග ගාස්තු වැඩිකිරිමක් සිදු කරන බවට ඇතැම් ත්‍රීරෝද සංගම් ප්‍රකාශ කළ ද, තම සංගමය ගාස්තු වැඩි කිරිමක් සිදු නොකරන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති කේ.ඩී.අල්විස් ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුකට එක්වෙමින්.
මේ අතර, ඉන්ධන මිල ඉහල දැමීමට විරෝධ පල කරමින් ධීවරයින් පිරිසක් තිස්සමහාරාම මාතර ප්‍රධාන මාර්ගය ගුරු පොකුණ ප්‍රදේශයෙන් අවහිර කරමින් අද විරෝධතාවක නිරත වුණා.