Gossips

16 දෙනා ආණ්ඩුවටම විරුද්ධයි – හිටපු ජනපති

ජාතික ආණ්ඩුවේ සිට ශ්‍රී ලංකා නිිදහස් පක්ෂයෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව ජාතික ආණ්ඩුවටම විරුද්ධව නැගී සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින්.
එහිදී සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ගිවිසුම අත්සන් කළ ආකාරය සම්බන්ධයෙන් ගැටළුසහගත තත්ත්වයක් පවතින බවයි.
එමෙන්ම මෙම ගිවිසුම හරහා මෙරට සංස්කෘතියට ද බලපෑම් එල්ල වන බව ඔහු ප්‍රකාශ කළා.