Gossips

චීනය සිය ප්‍රථම ගුවන් යානා හාරක නෞකාවේ පෙරහුරු අරඹයි

චීනය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි ප්‍රථම නෞකාවේ පෙරහුරු ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා.
මෙතෙක් ගුවන් යානා හාරක නෞකා නිෂ්පාදනය කර තිබුණේ ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව පමණයි.
ලියොනින් ලෙස නම් කෙරුණු චීන ගුවන් යානා හාරක නෞකාව ඊසාන දිග චීනයෙන් අද (13) උදෑසන මෙලෙස පෙරහුරු ආරම්භ කළ බව චීන ප්‍රවෘත්ති සේවය සඳහන් කළා.
ඉන්දියාව සිය ප්‍රථම ගුවන් යානාහාරක නෞකාව 2013 වසරේදී දියත් කළ අතර, මේ වසරේ දෙසැම්බරයේදී මුහුදු සංචාර සඳහා යොදාගැනීමට නියමිතයි.