Gossips

හිරු CIA අනාවරණයෙන් පසු විදේශ රැකියා ලබාදෙන බවට මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

හිරු සී.අයි.ඒ. සිදුකළ අනාවරණයකට අනුව ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසමින් මහ පරිමාණ මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් සමඟ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ හිරු සී.අයි.ඒ. සිදුකළ අනාවරණයකට අනුව මෙම කාන්තාව දික්වැල්ල ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බවයි.
ඕනෑම වයසක පසුවන පුද්ගලයෙකුට ඉතාලියේ රැකියා ලබාදිය හැකි බව පවසමින් මෙම කාන්තාව පසුගිය කාලය පුරා පුද්ගලයින් රැසකගෙන් මුදල් වංචා කර ඇති බව සඳහන්.
අත්අඩංගුවට අදාළ පුද්ගලයින් අද (13) මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.