Gossips

පලෙයි ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් STF අත්අඩංගුවට

හෙරොයින් ජාවාරම් සිදුකරන බවට ලැබුණු තොරතුරක් මත රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් හෙරොයින් කිලෝග්‍රෑම් එකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු යාපනය – පලෙයි – කරන්දායි ප්‍රදේශයේදී ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී ඔවුන් මෙම ජාවාරම සඳහා යොදාගත් වෑන් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
වයස අවුරුදු 27 ක් සහ 37 ක් වන සැකකරුවන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.