Gossips

රන් මිලේ ස්ථාවරවීමක්

ඩොලරය දුර්වලවීම සහ ඇමරිකානු මධ්‍යම සංචිතයේ පොලී අනුපාත ඉහළ නැංවීමේ අවස්ථා අවම වීම හේතුවෙන් ලෝක වෙළදපොලේ රන් මිල ස්ථාවර වීමක් සති අන්තය වනවිට දක්නට ලැබුණා.
මැදපෙරදිග කලාපයේ භූ – දේශපාලනමය අස්ථාවරභාවය ද මෙම තත්ත්වයට තවත් හේතුවක්.
රන් අවුන්සයක මිල සති අන්තය වනවිට ඇමරිකානු ඩොලර් 1321 ක් ලෙස සටහන් වූ අතර, සිකුරාදා දිනයේ එය ඩොලර් 1325 යි ශත 96 ක් ලෙස අප්‍රේල් 25 වනදායින් පසු ඉහළම අගය ද වාර්තා කළා.