Gossips

දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය හිරු SUPER DANCERකිරුළ තිනේෂිකා නිසල්යා දිනා ගනී

පුංචි නැට්ටුවන් පිරවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය වන "හිරු SUPER DANCER" තරඟයේ අවසන් මහා තරඟය ( Grand Finale)ඊයේ (12) නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණා.
නර්තනයේ දක්ෂයින් විශාල පිරිසක් අතරින් තෝරා පත් කර ගැණුනු අවසන් සුපිරි නර්තන තරු 5 දෙනා වන සිතුම් මලීෂ, ජනිඳු චමත් කුමාර, රිසලි සනුලියා, ටිශාල් පන්සිළු, තිනේෂිකා නිසල්යා ඊයේ (12) පැවති අවසන් මහා තරඟයේදී කරට කර තරඟ වැදුනා.
ඒ අනුව ජනතාවගේ SMS මානපය මත ඊයේ පැවැත්වුණු හිරු SUPER DANCER අවසන් මහා තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නට තිනේෂිකා නිසල්යා (ජින්නා) සමත් වුණා.
මේ අතර ජනිඳු චමත් කුමාර දෙවන ස්ථානයත් ටිශාල් පන්සිළු තෙවන ස්ථානයත් ලබා ගත් අතර සිව්වන ස්ථානය රිසලි සනුලියා සහ පස්වන ස්ථානය සිතුම් මලීෂ දිනාගත්තා.
හිරු SUPER DANCER අවසන් මහා තරඟයෙන් ජයග්‍රහණයෙන් කළ තිනේෂිකා නිසල්යාට හිමි හිරු SUPER DANCER කිරුළ ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී වින්සන් සිල්වා මහතාගේ සුරතින් පිරිනැමුනු අතර ලක්ෂ 23 ක් වටිනා මෝටර් රථයක් හා තවත් වටිනා තෑගි රැසක්ද ඇයට පිරිනැමුණා.