Gossips

ගමන නවතාලිය නොහැකියි – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

අත්අඩංගුවට ගැනීම් තුළින් පුද්ගලයෙකුගේ ගමන නවතාලිය නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඇඹිලිපිටිය – ගොඩකවෙල මහින්දාරාම විහාරස්ථානයේ අද (12) පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ද එක්ව සිටි අතර එහිදී ඔහු කියා සිටියේ තමන් මීට වසර දෙකකට පෙර ගෝඨාභය රාජපක්ෂ අනාගතයේදී පක්ෂයේ නායකත්වයට සුදුසු බව ප්‍රකාශ කළ බවයි.
ඉන් අනතුරුව, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ තම පවුලේ සාමාජිකයින් සමාදානයෙන් කටයුතු කරන බවයි.
ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නේ දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි.