Gossips

අපනයන ආදායම වර්ධනය වේ

මෙරට අපනයන ආදායම පසුගිය පෙබරවාරි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 915 යි දශම 7 දක්වා සියයට 5 යි දශම 5 කින් වර්ධනය වී තිබෙනවා.
එම කාලය තුළ ආනයන වියදම ද ඩොලර් බිලියන 1 යි දශම 9 ක් දක්වා සියයට 22 යි දශම 8 කින් වර්ධනය වී ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.
මේ අනුව, පෙබරවාරි මාසයේ ආනයන අපනයන වෙළඳ පරතරය ඩොලර් මිලියන 1072 දක්වා ඉහළ යනවා.
වසරේ මුල් මාස දෙක සැලකූ විට අපනයන ආදායම ඩොලර් මිලියන 1881 දක්වා සියයට 8 යි දශම 6 කින් ඉහළ ගොස් ඇති බවයි මහබැංකු දත්ත මගින් පෙන්වා දෙන්නේ.