Gossips

ජනපති අද ඉරානයට -නව අවබෝධතා ගිවිසුමකටත් අත්සන් තබයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදින නිළ සංචාරයක් සඳහා අද ඉරානය බලා පිටත්ව ගියා.
ඒ, ඉරාන ජනාධිපති හසාන් රවුහානිගේ විශේෂ නිළ ආරාධනයකට අනුවයි.
සිය සංචාරයේදී ජනාධිපතිවරයා ඉරාන – ශ්‍රී ලංකා ආර්ථික සහ වෙළද සබදතා වැඩිදියුණු කරලීම පිළිබද මෙන්ම ඉරාන ආයෝජන මෙරට තුළ දිරි ගැන්වීම පිළිබද අවධානය යොමු කරනු ඇති.
ඉරාන ජනාධිපති හසාන් රවුහානි සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර නිළ සාකච්ඡා හෙට පැවැත්වීමට නියමිතයි.
එහිදී දෙරට අතර ආර්ථික සහ වෙළද සබඳතා ශක්තිමත් කරලීමේ නව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිතයි.
ඉරාන වාණිජ මණ්ඩලය මගින් සංවිධාන කර ඇති විශේෂ ආයෝජන සහ ව්‍යාපාරික හමුවක් ඇමතීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇරයුම් ලා සිටිනවා.
එමෙන්ම ජනාධිපතිවරයා ඉරාන පාර්ලිමේන්තුවේ ද නිරීක්ෂණ චාරිකාවකට එක් වන බව සඳහන්.