Gossips

මහනුවර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමට, සාක්ෂි 100ක්

මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, අකුරණ, අඹතැන්න ආදී ප්‍රදේශවල පසුගිය දා ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම 100 දෙනෙකුට වැඩි පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා.
දින 3ක් පුරා අඛණ්ඩව සිදුකළ මෙම සාක්ෂි ලබාගැනීමේදී කරුණු රාශියක් එක්රැස් කර ගැනීමට හැකි වූ බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම ප්‍රකාශ කළේ.
මේ අනුව ගැටුම්වලට හේතු සාධක වූ කරුණු රැසක් අනාවරණ කර ගැනීමට හැකි වනු ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියා.
මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගිය දිනවල සිදු වූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ ඇතුළු 27 දෙනා ලබන 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.