Gossips

කාර්මික හා වෘත්තීය පුහුණු අධ්‍යාපනය පුළුල් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය

මෙරට කාර්මික සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 100ක ණය ආධාරයක් පිරිනමා තිබෙනවා.
පුහුණු ශ්‍රමික හිඟය සපුරාලීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.
ආසියානු සංවර්ධන බැංකුවේ කුසලතා සංවර්ධන වැඩසටහන යටතේ ලබාදෙන මෙම මූල්‍යාධාරය සඳහා ඊයේ අත්සන් තැබුණා.
එමගින් මෙරට ආර්ථිකයේ විවිධාංගීකරණයට සහ ඵලදායීතාව නැංවීමට සහයක් ලැබෙනු ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේ.