Gossips

කුලියට ගත් මෝටර් රථයක් උකස් කළ සැකකරුවෙකු අත්අඩංගුවට

කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයක් උකස් කිරීමේ සිද්ධියකට පුද්ගලයෙකු මීගමුව – කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සහ නීතිය බලගැන්වීමේ ඒකකය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මස 10 වන දා මෙම මෝටර් රථය කුලී පදනම මත ලබාගෙන ඇති අතර, කුලී කාලය අවසන්වීමෙන් පසු සැකකරු මෝටර් රථය රුපියල් හාරලක්ෂ 50,000කට කඩවත ප්‍රදේශයේ පුද්ගලයෙකු උකස් කර ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ – උන්නාරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.