Gossips

පුංචි නැට්ටුවන් පිරිවරාගත් රියැලිටි ටෙලිවිෂන් සන්නාමය හිරු SUPER DANCERඅවසන් මහා තරඟය අදයි (ඡායාරූප)

පුංචි නැට්ටුවන් පිරවරාගත් රියැලිටි ටෙලිවිෂන් සන්නාමය වන හිරු SUPER DANCER තරඟයේ අවසන් මහා තරඟය ( Grand Finale) අදයි.
නර්තනයේ දක්ෂයින් විශාල පිරිසක් අතරින් තොරා පත් කර ගැණුනු අවසන් තරඟකරුවන් 5 දෙනා කරට කර තරඟවදින අවසන් මහා තරඟය ( Grand Finale) අද (12) සවස 6.00 සිට නෙළුම් පොකුණ රඟහලේ සිට සජීවව ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
නර්ථන ශෛලීන්ගෙන් සන්නද්ධ අපරිමිත නිර්මාණ අවකාශක එකිනෙකට නොදෙවෙනි විශ්මිත කෞෂල්‍යයන් 5 ක් අද එක රන් කිරුළක් වෙනුවෙන් නර්තනයෙන් දස්කම් පෑමට සූදානම්.
අද පැවැත්වෙන SUPER DANCER අවසන් තරඟයේ තරඟකරුවන් 5 දෙනා අතරින් ඔබ සිත්ගත් සුපිරිතම නර්ථන තරුව ඔබගේ SMS මනාපයෙන් අභිෂේක ගැන්වීමට ඔබට අවස්ථාව සැළසෙනවා.
ඒ වෙනුවෙන් ඔබ කළ යුත්තේ HSD ඔහුගේ හෝ ඇයගේ අංකය යොදා 7766 ට SMS කිරීමෙන් ඔබේ මනාපය පළකිරීමයි.
එසේත් නැතිනම් www.hirutv.lk හෝ www.hirusuperdancer.lk වෙබ් පිටුවට පැමිණ ඔබේ සිත් ගත් නර්ථන තරුව වෙනුවෙන් මනාපය පළකිරීමටද ඔබට පුළුවන්.
අද පැවැත්වෙන SUPER DANCER අවසන් තරඟයේ තරඟකරුවන් පෙර පුහුණුවීම් වල නිරත වුණු අයුරු දැක්වෙන ඡායාරූප එකතුවක් පහතින්.