Gossips

අඟහරු ලෝකයට හෙලිකොප්ටර් යානයක්

පෘථිවියෙන් පිටත ග්‍රහ වස්තුවක් මත ප්‍රථමවරට හෙලිකොප්ටර් යානයක් ක්‍රියාත්මක කරවීමට ඇමරිකානු නාසා ආයතනය සැලසුම් කරනවා.
ඒ, 2020 වසරේ අඟහරු වෙත යවන ගවේෂණ යානයක් සමඟ හෙලිකොප්ටරයක් ඒ මතට යැවීමෙන්.
තල දෙකකින් යුත් මෙම හෙලිකොප්ටර් යානය අඟහරු මත ගවේෂණ කටයුතු සඳහා රෝවර් යානයක් ලෙස කටයුතු කරනු ඇති.
අඟහරු මත දී එම හෙලිකොප්ටර් යානයේ තල තත්ත්පරයට වට 3000ක් පමණ කැරදෙන අතර, එය පෘථිවිය මත හෙලිකොප්ටරයක මෙන් දස ගුණයක වේගයක්.
මෙම හෙලිකොප්ටර් යානය සූර්ය සෙලවලින් සමන්විත ලිතියම් – අයන් බැට්රිවලින් බල ගැන්වෙනු ඇති.