Gossips

පොලිස් අධිකාරීවරුන් 7කට සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 15කට ස්ථාන මාරුවීම්

පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂකවරුන් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ. ඒ යටතේ ඇමති ආරක්ෂක කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී යූ.පී. සෙනෙවිරත්න, ගාල්ල කොට්ඨාශය වෙත ද, කොළඹ – මධ්‍යම රථවාහන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී ඩී.එල්.ඒ. සූරියබණ්ඩාර අම්පාර කොට්ඨාශය වෙත ද ස්ථාන මාරු ලබාදී තිබෙනවා.
එමෙන්ම ඉපලෝගම පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් පරීක්ෂක ආර්.එස්. උඩුකුඹුර පුත්තලම කොට්ඨාශය වෙත ද, අනුරාධපුර කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක එච්.එම්.කේ හේරත් ඉපලෝගම වැඩබලන පොලිස් ස්ථානාධිපති ලෙස ද ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.