Gossips

බදුල්ලේ රිය අනතුරකින් කුඩා දැරියක් මරුට

බදුල්ල මුතුමාල අතුරු මාර්ගයේ ඉහළ කොටස ප්‍රදේශයේදී අවුරුදු 2 ක කුඩා දැරියක් ලොරි රථයකට යටවීමෙන් මියගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි.
ප්‍රදේශයේ කාන්තාවක් තේ දලු ලබාදීම සඳහා මුතුමාල අතුරු මාර්ගය වෙත ගොස් ඇත්තේ සිය කුඩා දියණිය නිවසේ තැබීමෙන් අනතුරුවයි.
එම තේ දලු ලොරි රථයකට ලබාදී යළි නිවස වෙත පැමිණ දියණිය පිළිබඳ සොයා බැලීමේදී ඇය නිවසේ සිට නැහැ.
යළිත් මාර්ගයට පැමිණ සොයා බැලීමේදී දියණිය එම මාර්ගයේ ලේ ගලමින් සිටිනු මෙම කාන්තාව දැක ඇති බවයි වාර්තා වන්නේ.
පසුව තුවාල ලබා සිටි දැරිය කහටරුප්ප ග්‍රාමීය රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් තිබෙනවා.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල රෝහලට රැගෙන ගොස් ඇතැයි සඳහන්.
අනතුර සම්බන්ධයෙන් කාන්තාව තේ දලු ලබාදුන් ලොරියේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බදුල්ල පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.