Gossips

අතුරුදන්වූවන්ගේ කාර්යාලය වැඩ අරඹයි

ප්‍රාදේශීය මට්ටමින් ජනතා අදහස් විමසීමේ කටයුත්ත අද මන්නාරම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය පවසනවා.
ඒ අනුව නැති වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන්, ක්‍රියාකාරීන්ගෙන්, වෘත්තිකයන්ගෙන් සහ එම කරුණ සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධානවලින් මෙම අදහස් විමසීම සිදුකෙරෙන බවයි අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය නිවේදනය කළේ.
එමෙන්ම ඉදිරි සති කිහිපය ඇතුළත මාතර, ත්‍රිකුණාමලය, මුලතිව්, මහනුවර, කිලිනොච්චිය, යාපනය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල සංචාරය කිරීමට ද එම කාර්යාලයේ නිළධාරීන් කටයුතු කරනු ඇති.
මෙම අදහස් විමසීම නැති වූ හෝ අතුරුදන් වූ පුද්ගලයන් සෙවීම පිණිස අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය ක්‍රියාත්මක කරවීමේ ක්‍රියාදාමයේ අත්‍යවශ්‍ය පියවරක් බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.