Gossips

හෝමාගම – දියගම කෘෂි තාක්ෂණික උද්‍යානය වසා දැමීමේ තීරණයක් ?

හෝමාගම – දියගම ප්‍රදේශයේ පිහිටි කෘෂි තාක්ෂණික උද්‍යානය වසා දැමීමේ තීරණයක් ගෙන ඇති බවට සමස්ත ලංකා කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.
එහි සභාපති ඒ.එන්. උදයසිරි පෙන්වා දෙන්නේ එම උද්‍යානයේ ආරක්ෂකයෙකුට වැටුප් ගෙවීමේ ගැටළුවක් පදනම් කර ගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි.
මෙම කෘෂි තාක්ෂණ උද්‍යානය අක්කර 15කින් සමන්විත අතර, එහිදී පිටරටින් ගෙන්වන පැළැටි නිරෝධායන පරීක්ෂණයට ලක් කිරීම ද සිදුකෙරෙනවා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ කියා සිටියේ හෝමාගම – දියගම කෘෂි තාක්ෂණික උද්‍යානය වසා දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.