Gossips

උතුරු කොරියාව ගොඩනගන්න, ඇමරිකාව සූදානම්

න්‍යෂ්ටික අවි අත්හැරීමට එකඟ වන්නේ නම්, උතුරු කොරියානු ආර්ථිකය යළි ගොඩනැගීමට සහාය වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසනවා.
ඔහු සඳහන් කළේ දකුණු කොරියානු මිතුරන් මෙන් උතුරු කොරියාවට සශ්‍රීකත්වය උදාකරලීම සඳහා ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට ඇමරිකාව සූදානම් බවයි.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා, දකුණු කොරියානු විදේශ අමාත්‍ය කෑන් කියුං සමඟ වොෂින්ටනයේදී ඊයේ සාකච්ඡාවක නිරත වුණා.
ඉන් අනතුරුව ඔහු කියා සිටියේ කොරියානු අර්ධද්වීපය මුළුමනින්ම න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් කිරීම සඳහා දෙපාර්ශවයේ එකඟත්වයක් ඇති වූ බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර හමුවක් ලබන ජුනි 12 වන දා සිංගප්පූරුවේදී පැවැත්වෙනවා.
දැඩි පස මිතුරුකම් සහිතව සිටි ඔවුන් මෙලෙස ඓතිහාසික සාකච්ඡාවකට එක්වන්නේ උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර පසුගිය අප්‍රේල් මාසයේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.