Gossips

කර්ණාටක ප්‍රාන්ත මැතිවරණය අදයි

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මැතිවරණය අද පැවැත්වෙන අතර, ඒ පිළිබදව සියල්ලන්ගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.
නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂය සහ රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂය අතර කර්ණාටක ප්‍රාන්තයේ බලය සඳහා පවතින්නේ තියුණු තරඟයක්.
එමෙන්ම මෙම මැතිවරණය ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයට පෙර හුරුවක් ලෙසයි සැලකෙන්නේ.
ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය වූ කර්ණාටක ප්‍රාන්තයේ ජනගහනය මිලියන 64 ඉක්ම වන අතර, ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව මිලියන 49ක්.
කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵලය මැයි 15 වන දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.