Gossips

පොලී අනුපාතික වෙනස් නොවේ – මහබැංකුව

දැනට පවතින ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට ඊයේ රැස්වූ මහබැංකු මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එමගින් මධ්‍යකාලීනව උද්ධමනය, මැදි තනි අගයක ස්ථාවර කිරීමට අපේක්ෂිතයි.
කෙසේ වෙතත්, තෙල්, ගෑස් සහ කිරිපිටි මිල ඉහළ දැමීම හේතුවෙන් කෙටි කාලීනව උද්ධමනයේ ඉහළ යාමක් අපේක්ෂා කරන බව ද මහබැංකුව ප්‍රකාශ කළා.