Gossips

උදයංග වීරතුංගගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමා අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කළ වරෙන්තුව අවලංගු කරන ලෙස ඉල්ලා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම අද ප්‍රතික්ෂේප කෙරුණා.
එය විභාගයට ගැනුණේ සිසිර ද ආබෲ, නලින් පෙරේරා සහ බුවනෙක අලූවිහාරේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් මිග් යානා ගනුදෙනුවට අදාළව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කළ අතර, එම නියෝගය යළි කැදවන ලෙසයි පෙත්සමෙන් ඔහු ඉල්ලා තිබුණේ.
එසේම තම බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය වළක්වන ලෙස සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස්ගෙන් රුපියල් කෝටි 10ක වන්දියක් ලබාදෙන ලෙස ද උදයංග වීරතුංග මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුණා.