Gossips

සයිටම් සිසුන් 980ක් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ

සයිටම් සිසුන් 980 දෙනෙකු කොතලාවල වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙන එන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.
ලබන සතියේ රැස්වන අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට සුදානම් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
මූලික සුදුසුකම් ඇගයීමට ලක්කරමින් මෙම සිසුන් 980 දෙනා තෝරා ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.