සිය ධූරය වසර 6ක් යන තෙක් දැරිය හැකිදැයි පල්ලෙවත්තේ ගමරලයා උසාවියෙන් විමසූ විට කන හරහා වදිමින් උසාවිය එසේ කල නොහැකි බව ප්‍රකාශ කළේය. ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය 2020 පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකීය දේශපාලන ප්රවාහයේ ප්‍රධාන පක්ෂ කිහිපය විසින් මේ වනවිට සිය උපාය මාර්ගික ක්‍රම භාවිතා කරමින් මීළඟ ජනාධිපති අපේක්ෂකයා තෝරමින් සිටියි.
රනිල්ලාගේ මලික්ලාගේ පොන්න දේශපාලනය අනුව මෙවරත් යූඇන්පී ය ගොඩ යන්නට බලන්නේ පොදු අපේක්ෂකයෙක් හරහා බව අභ්‍යන්තර ආරංචිමාර්ග සැලකරයි. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම ගැන කිසිදු බලාපොරොත්තුවක් නැති බවක් පෙන්වන අතර බොහෝ විට වෙනදා මෙන්ම, වැල යන පැත්තට මැස්ස ගැසීමට ඔවුන් කටයුතු කරනු ඇත.
මේ වනවිට අනෙක් ප්‍රධාන පක්ෂය නම් එකාබද්දයේ හොරුන් අටවාගත් පොහොට්ටුවයි. පොහොට්ටුව තුල මේ වන විට විශාල බල අර්බුදයක් ඇතිවී ඇති අතර ජනාධිපතිවරණය තෙක් පක්ෂය පවතීදැයි සැකයක්ද පවතී. වනචර දශකයේ නීලකාස හොරා වූ බැසිල් රාජපක්ෂ විසින් පොහොට්ටු පක්ෂයේ බලය ආක්‍රමණය කිරීමත් සමග ගෝඨාභයගේ ජනාධිපති හීනය බොඳව යන ආකාරයක් දැන් පෙනෙන්නට ඇත.
පොහොට්ටු ප්රබහලයන් කිහිපදෙනෙකු මිත්‍රයන් ලෙස ඇසුරුකරන ලියුම්කරුට දැනෙනා දෙය නම් ගමරාල විසින් මෝරුන් හුරතලයට ඇතිකිරීම සඳහා ගැනීමට ඇති සම්භාවිතාවය ඉතාමත් ඉහල බවය. ලූලන් කාවයියන් වාගේ නොව මෝරෙක් අල්ලාගතහොත් සිය 2020 හීනය අත උඩින් සැබෑ කර ගැනීමට හැකි බව පාවාදීමේ පියාණන් වන පල්ලෙවත්තේ ගමරාල සිය සගයන් සමග පවසා ඇත. කෙසේ වෙතත් සිය දියණියත් බෑණාත් සමහර අවස්ථා වලදී මේ වැඩ වලට අත ගහන එකෙන් කිසිම වැඩක් තමන්ට අවශ්‍ය ලෙස කර ගැනීමට බාධා වී ඇති බවත් ගමරාල පවසා ඇත.
බැසිල්ගේ ගෝලයන් වන ධම්ම දිසානායක, චරිත හේරත් සමග අතුරලියේ රතන චීවරධාරියා විසින් අටවාගත් ශ්‍රී ලංකා ජාතික සභාව බැසිල්ගේ බල තණ්හාවේ තවත් එක් පියවරකි. රතනගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන අශෝක අබේගුණවර්ධනගේ සෙමා ආයතනය විසින් බැසිල්ගේ හෙන්චයියන්ට යහමින් මුදල් වියදම් කරන බවත් රනිල් බැසිල් අතරමැදිකරු ලෙස කටයුතු කරන්නේ රතන චීවරධාරියා බවත් වාර්තා වේ. අශෝක අබේගුණවර්ධනගේ සෙමා ආයතනය මෙලෙස බැසිල්ගේ ගෝලයන්ට මුදල් වියදම් කරන්නේ රනිල් මලික් රතනගේ කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීමට බව තතු දත්තෝ පවසති.
මේ අතර අලි වැටක් ගැසීමට ලෝක බැංකුව හරහා වනජීවී දෙපාර්තමේන්තුවට ලැබීමට තිබුණු මුදලක් බැසිල් රාජපක්ෂගේ ගිණුමකට බැර වූයේ කෙසේදැයි FCID නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කලත්, රනිල් වික්‍රමසිංහගේ සෘජු මැදිහත් වීමෙන් එම පරීක්ෂණය වහාම නැවැත්වූයේ බැසිල් රනිල් ඩීල් එක නිසා බව FCID වගකිවයුතු නිලධාරියෙකු ලියුම්කරුට පැවසීය. එසේ නොවුනා නම් බැසිල්ව හිර කිරීමට එම පරීක්ෂණය හොඳටම ප්රමාණවත්ය.
මොකද්ද මේ ඩීල් එක ?
පල්ලේවත්තේ ගමරලයා තඹ දොයිතුවකටවත් විශ්වාස කල නොහැකි සතෙකු නිසා එම දීගය අහවර කිරීමට රනිල් වික්‍රමසිංහ තීරණය කිරීමත් සමග මලික් සමරවික්‍රම පවසා ඇත්තේ බැසිල්ගේ උදව්වෙන් අපි වැඩක් කරගමු යනුවෙනි. ඒ අනුව 2020 වන විට විධායක ජනාධිපති ධූරය අහෝසිකිරීමට බැසිල් ඇතුළු හොර නඩයේ සහය ගෙන රනිල් අගමැති වීමට පිඹුරුපත් සකසමින් පවතින බව වාර්තාවේ. ඉදිරිපත් වුවහොත් 2020 ජනාධිපතිවරණයට ප්‍රභල අභියෝගයක් වේ යයි අනුමාන කරන ගෝඨාභය පිලිබඳ බලා ගැනීමට බැසිල්ට භාර දී ඇති අතර ඒ සඳහා රජයෙන් ලබා දිය හැකි උපරිම සහය ලබාදීමටත් රනිල් වික්‍රමසිංහ බැසිල්ට එකඟ වී ඇත. මේ ඩීල් අනුව බොහෝ දුරට ඉදිරියේදී ගෝඨාභය සිරගත කිරීමට කටයුතු කරනු ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් ජනාධිපති හීනය දකින ගමරාල මේ වැඩපිළිවෙලට බාධාවක් වී ඇති නිසා ප්ලෑන් බී ලෙස තවත් ප්ලෑනක් සූදානම් කිරීමට රනිල් බැසිල් මලික් තුන්කට්ටුව කටයුතු කරමින් සිටින බව ලියුම්කරුට වාර්තා වේ.
කෙසේවෙතත් මේ සියලුම දෑ පිලිබඳ ඇහැ ගසාගෙන සිටින ගමරාල කාටත් හොරා නියම ගේමක් ගැසීමට කටයුතු කරමින් සිටින බවත්, එම ගේම වැඩ කලොත් පොහොට්ටුවත් යූඇන්පීයත් චකබ්ලාස් වී යන බවත් ලියුම්කරුගේ පොහොට්ටු මිතුරා පවසා සිටියේය.
වනචරයන් එලවා පිස්සු බල්ලන් පත්කර ගත් ජනතාව මීළඟට වන්නේ කුමක්දැයි දෙගෙඩියාවෙන් බලා සිටිනු ඇත.