Gossips

මොරගහහේන ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

හොරණ – මොරගහහේන – සත්සර අඩවිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී රුපියල් දෙකෝටි හතලිස් පන්ලක්ෂයක් වටිනා හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 767 ක් පමණ සොයා ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ අදාළ නිවසේ අල්මාරියක් තුළ යකඩ සේප්පුවක සඟවා තිබියදී මෙම හෙරොයින් තොගය හමුවූ බවයි.
ඊට අමතරව රන් පැහැති ආභරණ කිහිපයක් ද සොයා ගෙන තිබෙනවා.
පසුගිය 4 වනදා හොරණ නගරයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරු ඔස්සේ ඊයේ පස්වරුවේ ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදීයි මෙම හෙරොයින් තොගය හමුවී ඇත්තේ.