Gossips

පූජ්‍ය උඩුවේ හිමියන්ගේ නඩුවේ විත්ති වාචිකය ජුලි 17 වැනිදා

නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගත් බව කියන සිද්ධියට අදාළව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් විත්ති වාචිකයක් කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න අද (11) නියෝග කළා.
ඒ අනුව ජුලි මස 17 වැනිදා එය ඉදිරිපත් කරන්නැයි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දුන්නා.
විත්ති වාචිකයක් කැඳවීමකින් තොරව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවෙන් නිදොස් කරන ලෙස ඉල්ලා උන්වහන්සේගේ නීතිඥවරයා මීට පෙර ඉල්ලීමක් කර තිබූ අතර, එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමිනුයි විනිසුරුවරයා මෙලෙස විත්ති වාචිකයක් කැඳවීමට තීරණය කළේ.
නඩු විභාගය සඳහා මහාධිකරණයට අද පෙරවරුවේ පැමිණී අවස්ථාවේ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සිටියේ වත්මන් රජය බලයට පත්වූ දවසේ සිට ජාතියේ විනාශයට පත්වෙමින් ඇති බවයි.
එබැවින් රජය ඉල්ලා අස්විය යුතු බව සඳහන් කළ උන්වහන්සේ එසේ නොවුනහොත් සියලූදෙනා එක්ව රජය ඉවත් කිරීමට පියවර ගත යුතු බවයි කියා සිටියේ.