Gossips

අනුරාධපුරයේ සූදු පොළක් වටලා සිව් දෙනෙකු අත්අඩංගුවට

අනුරාධපුර – මාතලේ හන්දිය – කොහොඹ කෑල්ල ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය සූදුපොලක් වටලා පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිදුකළ මෙම වැටලීමේදී අදාළ සූදුපොල පවත්වාගෙන ගිය පුද්ගලයා ඇතුළු තවත් පුද්ගලයින් සිව් දෙනෙකු පලාගොස් ඇති බවයි මිහින්තලේ පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබී රුපියල් 50,000 ක මුදලක් ද පොලීසිය තම භාරයට ගෙන තිබෙනවා.
ඔවුන් වයස අවුරුදු 30 ත් 35 ත් අතර පසුවන මාතලේ හන්දිය, කුරුන්දන්කුලම ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්.