Gossips

තවත් හිරු පුවතක් ඵලදරයි

හිරු අනාවරණ කල තවත් පුවතක් පළදරමින් රත්නපුර ප්‍රදේශයේ පාසලක් අහිමිව සිටි දැරියකට සබරගමු පළාත් ආණ්ඩුකාරවරියගේ මැදිහත්වීමෙන් පාසලක් හිමිවී තිබෙනවා.
වසරේ පාසල් යන වයසේ පසුවුවත් ගතවූ මාස 05 ක කාලයේදී පාසලක් අහිමිව රත්නපුර නගරයේ මධ්‍යම බස්නැවතුම්පල අසල දිවිගෙවූ දුලංස වික්‍රමසිංහ දැරිය පිළිබද අප ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ අණාවරණ කළේ පසුගිය හතරවෙනිදායි.
එම ප්‍රවෘත්තිය විකාශය වීමෙන් පසු මේ පිළිබදව අවදානය යොමුකළ සබරගමු පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය එම දැරිය ඊයේ දිනයේ සිය කාර්යාලය වෙත කැදවා තිබුනා.