Gossips

දැව සංස්ථා නව සභාපතිගේ පත්වීම අවලංගු කෙරේ

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් වූ අනුරුද්ධ පොල්ගම්පලගේ පත්වීම ජනාධිපතිවරයා විසින් අවලංගු කර ඇති බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
ඔහු නව තනතුරට පත් කරන ලද්දේ පසුගිය 4 වනදායි.
දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ පී.දිසානායක රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැණුනු අතර අනතුරුවයි අනුරුද්ධ පොල්ගම්පල එම තනතුරට පත් කරනු ලැබුවේ.